මහඔය, සමගිපුර ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (13) දහවල් කලායේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, සමගිපුර, මහඔය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 18ක් හා 23ක් වන සමගිපුර, මහඔය ප්රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.