ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර පාසල් දැරියකි.
මෘතදේහය බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පයාගල පොලීසිය විසින් සිදුකරයි.