Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියණිය වෙනුවෙන් සුසිත්ගේ ජීවිතය උදුරාගත් හේතුව මේකද ?…
    Featured

    දියණිය වෙනුවෙන් සුසිත්ගේ ජීවිතය උදුරාගත් හේතුව මේකද ?…

    By LFNMay 12, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි තරුණයාව ඝාතනය කර ඇත්තේ, ඔහුගේ පෙම්වතිය බව කියන 17 හැවිරිදි තරුණිය ගැබ් ගැනීමෙන් අනතුරුව ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා බව මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

    එමෙන්ම ඝාතනය කිරීමට පෙර දින රාත්‍රියේදී ද අදාළ තරුණියගේ පියා විසින් ඔහුව නිවසට කැඳවා ඇති බවත් එහිදී ඝාතනය කිරීමට නොහැකි වී ඇත්තේ, ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු සමග පැමිණීම හේතුවෙන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මේ වනවිට අත්අඩංගුවේ පසුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, අදාළ තරුණාව, පෙම්වතියගේ නිවසේදී ඝාතනය කිරීමෙන් පසුව මළසිරුර හලාවත, මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත වනාන්තරය අසලට ගෙනවිත් ලීයක ආධාරයෙන් කර තබාගෙන කැලය ඇතුළට රැගෙන ගොස් ඇති බවය.

    කොහු ලණු සිරුරට බැඳ ලීයක් වැනි යමක් දැමීමෙන් පසු එම පුද්ගලයාගේ සිරුර ඔසවාගෙන පැමිණ ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

    තරුණයා ඝාතනය කිරීමෙන් පසුව සිරුර ඔසවා වාහනයේ පිටුපස අසුනේ ඔහු පණපිටින් සිටින ආකාරයට වාඩි කරවාගෙන කුලියාපිටියේ සිට මාදම්පේ රක්ෂිත වනාන්තරය ආසන්නයට රැගෙනවිත් අති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන “සිඟිති” නමැත්තාගේ මස්සිනා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, රක්ෂිත වනාන්තරයට රැගෙන ඒමෙන් අනතුරුව දස වධ දී ඝාතනය සිදුකර ඇති බවය.

    ඒ හේතුවෙන් එම ඝාතනය සිදුකළේ කුමන ස්ථානායකද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

    ඝාතනය වූ තරුණයා සිඟිති නමැත්තාගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන අතරතුර තවත් තරුණියක් සමග ද ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසිය සැක කරන්නේ එම තරුණියද මේ වනවිට ගැබ්ගෙන ඇති බවය.

    ජයවංශ නමැත්තා මීට පෙර විවාහයක් සිදුකරගෙන සිටි අයෙකු වන අතර පසුව ඔහු නීත්‍යානුකූලව බිරිඳගෙන් වෙන් වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202604 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.