Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා
    Featured

    සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

    By LFNMay 11, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ඊයේ (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    එහිදි ඔහු පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි.

    කිසිදුවිටක දී සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ දී සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

    “මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා.”

    “ලොකු ගණන්වල‌ට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි.”

    “සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට ගෙන එන්න පුළුවන්.”

    “අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්. මේ ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න. අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ. මේ ලකුණෙන්නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ මේ පක්ෂයේ බලය ගන්නවා.”

    එහිදි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.

    “ඩයනා ගමගේ මැතිණිය ශ්‍රී ලංකාවේ ඉපදිලා අවුරුදු 16 දී තමා එංගලන්තයට යන්නේ. ඒ ගිහින් බ්‍රිටිෂ් පාස්පෝට් එකක් ගත්තා කියලා එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙන්නේ නෑ. බ්‍රිටිෂ් පාස්පෝට් එක බාර දිලා තමයි ඇය නැවත ලංකාවට එන්නේ.”

    “බ්‍රිතාන්‍ය කාන්තාවක් ලෙස මේ ලංකාවට ඇවිල්ලා කරපු සේවයට මම යෝජනා කරනවා ජනාධිපති තුමාට ඕල්කොට් තුමාට සහ ආතර් සී ක්ලා‍ර්ක් මහතාට දුන්නා වගේ පුරවැසිකම ඩයනාටත් තව අවුරුදු 10ක් ආපස්සට දාලා පුරවැසිකම දෙන්න කියලා. එතකොට ඒ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. ඩයනා ලොකු සේවයක් කළා.”

    “මෙයාට ගෙවපු පඩිනඩි ටික ගන්න ඕනේ කියලා කියනවා මම දැක්කා. බ්‍රිතාන්‍යයෙන් ගෙනැල්ලා මේ පඩියට දැම්මොත් එහෙම ඇබෑර්තුවක් දිලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියලා අඩු තරමේ ලක්ෂ 100ක් වත් ඉල්ලයි වැඩ කරන්න. ඇත්තටම නඩුවක් ගියොත් ඩයනාට ගෙවන්න වෙනවා පාර්ලිමේන්තුවට.”

    “මීට වඩා ලංකාවෙන් ගිහින් යුරෝපයේ වැඩ කරන බස් ඩ්‍රයිවර්ස්ලට ගෙවනවා යුරෝ 5,000ක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.