ගාල්ල ප්රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම දේපොළ තහනම් කර ඇත.
මෙලෙස තහනමට ලක්කර ඇති දේපොළවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ එම දේපොළ අතර ගාල්ල දඩල්ල ප්රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් සහ අක්මීමන ප්රදේශයේ අක්කර එකහමාරක තේ සහ ගම්මිරිස් ඉඩමක් අයත් බව සඳහන්.
පොලීසිය පවසන්නේ ඉදිරියේදී මෙම දේපොළ සම්බන්ධයෙන් අධිකරණමය ක්රියාමාර්ග ගැනීමට නියමිත බවය.