Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය
    Featured

    එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය

    By LFNMay 8, 2024No Comments2 Mins Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා ජීවත්ව සිට තිබුණේ, පන්නිපිටිය වීරමාවතේ පිහිටි තරුණයාගේ නිවසේය.

    දිගින් දිගටම එල්ල වූ මේ බලපෑම් දරාගත නොහැකිව ඔවුන් දෙපළ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

    ඔවුන් පවසන්නේ, එම රටටද පැමිණි තරුණියගේ පියා තමන්ට බලපෑම් කළ බවය.

    පසුව මෙම තරුණ යුවල යළි දිවයිනට පැමිණ වීරමාවතේ නිවසේ ජීවත්ව තිබුණි.

    මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු පැමිණි බව ඔවුන් පවසයි .

    එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති ඔවුන් මවට තර්ජනය කරමින් තරුණයාගේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ දුරකථන වලට යොමුකර ගෙන ඇති බව ඔවුන් පවසයි.

    එම නිලධාරී යැයි කියූ පිරිසගේ දුරකථන අංකයකට එදින පස්වරුවේ තරුණයාගේ පියා ඇමතුමක් ලබාදී තිබුණි.

    පසුව අදාළ දියණියගේ පියාට අයත් බවට පැවසෙන තලවතුගොඩ පිහිටි හෝටලයක ඔවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටියදී සොයාගෙන තිබුණි.

    අනතුරුව එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු හෝටල් පරිශ්‍රයේ සැඟව ඇති අතර අනෙක් පුද්ගලයා සිය මෝටර් රථයකින් පළායමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දී තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පෙනීසිටි වරායේ සේවකයෙකු වන අතර අනෙක් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකි.

    පොලිසිය පැවසුවේ මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.