Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයසේ වෙනසක්
    Featured

    හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයසේ වෙනසක්

    By LFNMay 7, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා,

    “හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. එය ක්‍රියාත්මක නොවෙන තත්ත්වයට පත්වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්නපුරේ තිබෙන හෙද පුහුණු පාසලේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා ඊළඟ කෙනාට හෝ වෙන විදුහල්පති කෙනෙකුට වැඩ භාරදෙන්නේ නැතුව දැන් රෝහලට වෙලා ඉන්නවා. මේ 63 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාණ්ඩායම් දැන්නෙත් නෑ. වෛද්‍ය අධ්‍යක්ෂ දන්නේත් නෑ. හෙද පුහුණු විදුහලේ කටයුතු පවත්වාගෙන යන්න විදිහකුත් නෑ.”

    සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

    “මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් තියෙනවා. එකේදී අපට එකඟවෙන්න කියලා කිව්වේ වයස 61 දක්වා දිර්ඝ කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අවුරුදු 61 වඩා දිර්ඝ කිරීමක් නැහැ.”

    මේ අතර හෙද සේවයට අලුතින් 3,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ සාකච්ඡා පවත්වා අවසන් බව ද කියා සිටියේය.

    ඒ අනුව නුදුරේදීම ඔවුන්ව හෙද සේවයට අනුයුක්ත කළ හැකි බවත් මේ වනවිට හෙද සේවයේ 45,000ක් සිටින බවත් පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.