Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ රැසකට උෂ්ණත්වය දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමට
    Featured

    ප්‍රදේශ රැසකට උෂ්ණත්වය දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමට

    By LFNMay 6, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

    මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.

    මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බව වෛද්‍යවරු පවසති.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටින්නේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින මේ දින කිහිපයේදී ඊට සූදානම් වී විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසය.

    විශේෂයෙන් හැකිතාක් ජලය පානය කරන ලෙසත් තමන්ගේ විභාග මධ්‍යස්ථානයේ තමන්ට හිමි ස්ථානයට පීඩාකාරි වන අන්දමෙන් හිරුඑළිය පතිත වන්නේ නම් ඒ බව අදාළ නිලධාරීන්ට දන්වන ලෙසට දැනුම් දී තිබේ.

    මේ අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

    පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.