Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොරණ වෙඩිතැබීම ගැන කිසිවෙකු නොසිතූ කතාවක් එළියට
    Featured

    හොරණ වෙඩිතැබීම ගැන කිසිවෙකු නොසිතූ කතාවක් එළියට

    By LFNMay 6, 2024No Comments2 Mins Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ (05) උදැසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

    පොලීසිය පවසන්නේ ඩුබායි හි සිටින සැකකරු පසුගිය අප්‍රේල් 29 වනදා මෙරටට පැමිණ ඇති බවත් ඔහු මෙම වෙඩිතැබීම සඳහාම පැමිණ ඇති බවට සැකකරන බවය.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මෙම වෙඩික්කරුගේ වැඩිමහල් සොයුරියක් සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවත් පසුව ඔහු ඉන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගැනීම හේතුවෙන් වෙඩික්කරු මොහු සමග අමනාපයෙන් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    කෙසේ වෙතත් වෙඩික්කරු රටින් පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක, සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හඳුනාගැනීමේ යන්ත්‍රය මගිනි.

    පසුව අළුබෝමුල්ල පොලීසියේ නිලධාරීන් ගුවන්තොටුපොළට පැමිණ සැකකරු සිය භාරයට ගෙන තිබේ.

    සැකකරු හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් කුමාර නමැති 31 හැවිරිදි අයෙකි.

    ඔහු අද සවස ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිට ඇති බව පොලීසිය පැවසීය.

    හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 11ට පමණ මෙම වෙඩිතැබීම සිදුවිය.

    එහි ඉලක්කය වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

    ඔහුගේ නිවස ඉදිරිපිටදීම සිදුවුණු වෙඩි තැබීම නිවසේ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    ව්‍යාපාරිකයා සිය කැබ් රථයේ සිටියදී ඔහුගේ බිරිඳ නිවසේ ගේට්ටුව විවෘත කර සිය දරුවා නිවසට ඇරලවන ආකාරය ද එහි සටහන්ව තිබේ.

    ස්කූටරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ඒ දෙසට පැමිණෙන අතර පසුපැදිකරු යතුරුපැදියෙන් බැස කැබ් රථය දෙසට ගමන්කරන ආකාරය එහි දැක්වෙයි.

    එහිදී එල්ලවන වෙඩි පහර මැදම ව්‍යාපාරිකයා සිය රථය මද දුරක් පදවාගෙන යන අතර පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

    වෙඩි පහරින් ව්‍යාපාරිකයාගේ මුඛයට බරපතළ තුවාල සිදුව තිබේ.

    හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

    තුවාල ලැබූ ව්‍යාපාරිකයා සංජන අයන්ත නැමැති 38 හැවිරිදි අයෙකි.

    සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ ඇඳුම්පැ ළඳුම් හොරණ වැලිකල ලිහිණිඅරඹ ප්‍රදේශයේ කුඹුරක් අසල දමාගොස් තිබියදී පොලීසිය විසින් ඊයේ දහවල් සොයාගනු ලැබීය.

    පොලීසිය පැවසුවේ, වෙඩික්කරු රටින් පළායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.