Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි
    Featured

    පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි

    By LFNMay 5, 2024No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව අදාළ සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරයි.

    ඒ හේතුවෙන් එම සිසුවාට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද පැවසෙයි.

    මේ අතර සිද්ධියට සම්බන්ධ භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක් පසුගිය 25 වනදා විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් තිබුණි.

    පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව පවසා ගොස් ඇති බවද වාර්තා විය.

    එහිදී උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට සිය මිතුරියක් සමග ගොස් තිබේ.

    එහිදී අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් එම සිසුවාට හා ඔහු සමග ගිය මිතුරියට ඉදලකින් පහරදී තිබුණි.

    පහරකෑමට ලක්වූ සිසුවිය,

    “අපි දෙන්නා පන්සලට ගියා. විහඟ ඉදලක් අරන් ආවා අතුගාන්න. හාමුදුරුවෝ ආවා එද්දි මම අතුගගා හිටියේ. ඉදල අරන් හාමුදුරුවෝ විහඟට ගැහුවා. විහඟ දිව්වා ඉස්සරහට මමත් දිව්වා. අපි ඇහුවා ඇයි හාමුදුරුවනේ අපි දෙන්නට ගැහුවේ කියලා ? අපි වැරදි විදිහට හිටියේ නැහැනේ කිව්වා. ඊට පස්සේ මටත් කතා කරලා පහර දුන්නා.”

    පහරකෑමට ලක් වූ සිසුවා අනතුරුව මාතර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

    පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා,

    “දරුවාගේ ශරීරය අභ්‍යන්තරයේ කොටසකට හානි වෙලා. සැත්කමකට ගන්න ඕනේ කියලා වෛද්‍යවරුන් කිව්වා. සැත්කමට අරන් හිටියේ දැඩිසත්කාර ඒකකයේ. නෝනා කිව්වා දරුවාට ගහපු පාරක් තියෙනවා කියලා. දොස්තරලා කිව්වා… වැටුණු පාරක් නෙවෙයි ගහපු පාරක් කියලා.”

    පසුව පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණි.

    පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා,

    “පොලීසියට කිව්වා වැලිගම පොලීසිය එක්ක පන්සලට ගියා. හාමුදුරුවෝ හිටියේ නැහැ.”

    පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා,

    “දරුවාට තවම කන්න බොන්න බැහැ. 6 වනදා විභාගේ. ඒක කරගන්න විදිහක් නැහැ. ඇඳට වෙලා ඉන්නවා ලෙඩෙක් වෙලා. දරුවා තවම ළමයෙක් ඔය වයසට ඔයවගේ වැඩ කරනවා. අපිට දැනුම්දෙන්න තිබුණා. මරන්න වගේ පාරක් ගහන එක නෙවෙයි යුතුකම. දරුවාට සාධාරණය කරන්න නම් උපරිම නීතිමය දඬුවම් දෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.