Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්
    Featured

    සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

    By LFNMay 4, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බවය.

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිතය.

    මෙවර විභාගය සඳහා 452,979 දෙනෙකු අයදුම්කර ඇති අතර ඉන් 65,331 දෙනකු පෞද්ගලික අයදුම්කරුවන් වේ.

    අදදෙරණ BIG FOCUS වැඩසටහනේදී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ මේ වන විට එම පැනනැගුණු ගැටලුව නිරාකරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් විභාග‍ෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත්ය.

    මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පවතින පාසල් අතුරින් 35%කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එලෙස මදුරුවන් සිටින බවට හඳුනාගත් පාසල් පිරිසිදු කිරීමට අද (04) සහ හෙට (05) නිවාඩු දින දෙකෙහි අවශ්‍ය පියවර ගන්නා ලෙසට පාසල් බලධාරීන්ට සහ දෙමාපියන්ට දැනුම් දී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.