බියගම දෙල්ගොඩ නව නුවර පාරේ වඩුවේගම ප්රදේශයේදී සියඹලාපේ දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ (02) අනතුරක් සිදුවී තිබුණි.
එහිදී මගියා මාර්ගයේ ඇදවැටී තිබූ අතර දෙල්ගොඩ දෙස සිට සියඹලාපේ දෙසට ධාවනය වූ වෑන් රථයක රෝදයත් එහි ඉදිරිපස කොටසත් අතර සිරවී ඇති මගියා වෑන් රථය සමග ඉදිරියට ඇදී ගොස් තිබේ.
එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මගියා බියගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි ලස්සේගම දැරණියගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් අදාළ රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර තවත් ප්රදේශ කිහිපයක රිය අනතුරු වාර්තා වී තිබුණි.