Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

    May 14, 2025

    ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

    May 14, 2025

    ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901ක්

    May 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් ජාවාරම් කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරු කොටුවෙයි
    Featured

    හෙරොයින් ජාවාරම් කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරු කොටුවෙයි

    By LFNMay 2, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (02) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 15ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියෙන් තවත් තොරතුරු හෙළිදරව්කර තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ මෙම වැටලීමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් ලක්ෂ 15ක මුදල් ද සොයා ගෙන ඇත.

    එම මුදල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හා සැකකාරියක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කළ මෝටර් රථයක් ද සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 51ක් වූ සැකකාරියක් සහ අවුරුදු 45ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා වසර 2ක පමණ කාලයක සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

    මේ අතර පසුගිය අප්‍රේල් 24 වන දින මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 60ක් හා රුපියල් ලක්ෂ 49ක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.

    අත්අඩංගුවට පත්වූ එම සැකකරු මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුගේ මෙරට ප්‍රරධාන ජාවාරම්කරු බවට තොරතුරු අනාවරණය වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

    May 14, 2025

    ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901ක්

    May 14, 2025

    ගැරඬිඇල්ල බස් අනතුරින් මියගිය අයට හිමි වන්දි මුදල් යොමු කෙරේ

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

    May 14, 20250115 Views

    මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

    ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

    May 14, 2025

    ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901ක්

    May 14, 2025

    ගැරඬිඇල්ල බස් අනතුරින් මියගිය අයට හිමි වන්දි මුදල් යොමු කෙරේ

    May 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.