Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්
    Featured

    ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්

    By LFNMay 2, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට ඊයේ (01) එක්වෙමිනි.

    ඇල්ල – කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් පසුගියදා එහි ගොස් තිබුණි.

    එහිදී තත්ත්වය පිරික්සූ ඔවුන් නායයෑමේ අවදානම අවම කිරීමට ජල ප්‍රවාහය වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගෙන තිබුණි.

    එය තාවකාලික විසඳුමක් බවත් මෙම තත්ත්වය නිරීක්ෂණයට තවත් විශේෂඥයන් කණ්ඩායමක් එහි පැමිණෙන බවත් එහිදී සඳහන් කෙරුණි.

    ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තවත් භූ විද්‍යාඥයින් පිරිසක් ඊයේ එම ප්‍රදේශයට ළඟාවිය.

    නායයෑමේ අවදානමට හේතු සොයා ඔවුන් මේ වනවිට පර්යේෂණ ආරම්භ කර තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා,

    “අපි බලාපොරොත්තු වෙනවා නායයෑමේ සක්‍රියතාවය අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගන්න.”

    “උමා ඔය පිරවීමත් එක්ක අවට ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යන්නත් පුළුවන්. වර්ෂා ඇති වෙන්නත් පුළුවන්. ඒ සියලු දේ බලපාන්නත් පුළුවන්. නමුත් ඒ කිසිදෙයකින් අපිට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.