Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්
    Featured

    ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම ගැන තවත් පරීක්ෂණයක්

    By LFNMay 2, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට ඊයේ (01) එක්වෙමිනි.

    ඇල්ල – කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් පසුගියදා එහි ගොස් තිබුණි.

    එහිදී තත්ත්වය පිරික්සූ ඔවුන් නායයෑමේ අවදානම අවම කිරීමට ජල ප්‍රවාහය වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගෙන තිබුණි.

    එය තාවකාලික විසඳුමක් බවත් මෙම තත්ත්වය නිරීක්ෂණයට තවත් විශේෂඥයන් කණ්ඩායමක් එහි පැමිණෙන බවත් එහිදී සඳහන් කෙරුණි.

    ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තවත් භූ විද්‍යාඥයින් පිරිසක් ඊයේ එම ප්‍රදේශයට ළඟාවිය.

    නායයෑමේ අවදානමට හේතු සොයා ඔවුන් මේ වනවිට පර්යේෂණ ආරම්භ කර තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා,

    “අපි බලාපොරොත්තු වෙනවා නායයෑමේ සක්‍රියතාවය අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගන්න.”

    “උමා ඔය පිරවීමත් එක්ක අවට ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යන්නත් පුළුවන්. වර්ෂා ඇති වෙන්නත් පුළුවන්. ඒ සියලු දේ බලපාන්නත් පුළුවන්. නමුත් ඒ කිසිදෙයකින් අපිට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.