Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක – ජනපති
    Political

    ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක – ජනපති

    By LFNMay 1, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය.

    සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ආර්ථික අර්බුදය හමුවේ මෙරට කම්කරු ජනතාව එය නොසැළී විඳදරාගැනීම ප්‍රසංශනීය බව එම පණිවිඩයේ දැක්වෙයි.

    කම්කරු ජනතාව තවදුරටත් දිළිඳු ජනතාවක් ලෙස රඳවා ගැනිම රජයේ අරමුණ නොවන බැවින් අරගලයකින් තොරව ඔවුනගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මේ අතර වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    මෙවර කම්කරු දිනය සමරනුයේ වැඩබිම ද අභියෝගයන්ට ලක්වූ තීරණාත්මක කාලයක බව අග්‍රාමත්‍යවරයා සිය කම්කරු දින පණිවිඩයෙන් පෙන්වාදෙයි.

    ආර්ථික අර්බුදයන්ට මුහුණදුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩකරන ජනතා ශක්තියෙන් බව අග්‍රාමත්‍යවරයාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන් වෙයි.

    නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩකරන ජනතාව අඛණ්ඩව ලබාදුන් කැපවීම අගය කිරීම සඳහා කම්කරු දිනය යොදාගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට

    October 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,386 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 20250114 Views

    දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදාහරින ‘ඩුබායි කුඩු දිලිනි’ නොහොත් ‘කැන්ඩි කුවීන්’ යන අන්වර්ථ…

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.