Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»CID ලෙස පෙනී සිටි 4දෙනා රිමාන්ඩ්
    Featured

    CID ලෙස පෙනී සිටි 4දෙනා රිමාන්ඩ්

    By LFNMay 1, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකි.

    සැකකරුවන් ඊයේ (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    අප්‍රේල් පළමු සතියේදී පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් තොරතුරුකරුවකු කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ එම නිවස බලාකියාගන්නා පුද්ගලයා උණ්ඩියල් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රම මගින් මුදල් උපයන බවට චෝදනා කරමිනි.

    එහිදී ඔවුන් අදාළ නිවසේ තිබී රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ අමෙරිකානු ඩොලර් 3500ක මුදලක් රැගෙන ගොස් තිබුණි.

    එහෙත් එම අවස්ථාවේ කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

    අනතුරුව දිනක අයෙක් තමන්ව පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් අදාළ නිවස බලාකියාගන්නා පුද්ගලයාට දුරකථනය ඔස්සේ පවසා ඇත්තේ ඔහුට එරෙහිව චෝදනා රැසක් ඇතුළු ගොනුවක් පොලීසිය සතුව පවතින බවය.

    එය ඔහුට පක්ෂපාතීව සිදුකිරීමට නම් රුපියල් කෝටි 4ක මුදලක් ලබාදෙන්නැයි ඉල්ලා ඇති අතර පසුව එය රුපියල් කෝටි තුනහමාරක් දක්වා අඩුකර තිබේ.

    ඒ අනුව අදාළ මුදල කොටස් වශයෙන් ලබාදිය හැකි බව පැවසූ නිවස බලාගන්නා පුද්ගලයා ඉන් පසුව සිදු කර ඇත්තේ මේ පිලිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමය.

    අදාළ අල්ලස් මුදලේ මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදල ගැනීමට පසුගිය (29) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස අඟවමින් පොලිස් තොරතුරුකරු, කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු සමග කොල්ලුපිටියේ පිහිටි අදාළ නිවසට පැමිණ තිබුණි.

    එහිදී අදාළ කාන්තාව මගින් රුපියල් කෝටියක අල්ලස් මුදල ලබාගැනීමේදී ඇය ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

    මේ අතර පොලිස් තොරතුරුකරු සමග පළමු දිනයේදී ගිය වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තිදෙනා පිළිබඳව ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202600 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.