Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කටුනායකදී කොටුවූ කාන්තාවන් දෙදෙනා
    Featured

    කටුනායකදී කොටුවූ කාන්තාවන් දෙදෙනා

    By LFNApril 30, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන යාමට උත්සාහ ගෙන තිබේ.

    මෙම පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද්‍රවිඩ ජාතිකයෙකු බවය.

    මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස එම පිරිමි දරුවාද රැගෙන එදින දහවල් 1.30ට ශ්‍රීලන්කන් ගුවන් යානයකින් ලන්ඩන් බලා යෑමට කටුනායකට පැමිණ තිබුණි.

    එහිදී ගුවන් සේවා කවුළු නිලධාරිනියකට අදාළ ලියකියවිලි සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

    එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ .

    අනතුරුව එම දරුවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇතිබවය.

    මෙහිදී දරුවා වැඩිදුරටත් පවසා ඇත්තේ තම සත්‍ය මව ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින බවය.

    ඒ අනුව ක්‍රියාත්මක විසින් එම කාන්තාව ද සිය භාරයට ගෙන තිබුණි.

    අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202605 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.