කිලිනොච්චි කොකාවිල් යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකු අද (29) උදෑසන ධර්මපුරම් වෙලඳ සංකීර්ණය පිටුපස ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්ථාවේ.
මොහු යුනිට් 10, ධර්මපුරම්හි පදිංචි පී වින්තුජන් නැමති වයස අවුරුදු 32 ක පුද්ලයෙකි. මොහු පවුල් ආරවුලක් හේතුවෙන් කම්පාවී සිට ඇති අතර, සිය බිරිඳ හා දියණිය මෙම සෙබලා ඇතහැර වසරක පමණ කාලයක් ගතවී ඇති අතර, මේ හේතුවෙන් මොහු දැඩි කල කිරීමකින් සිට ඇති බවට ප්රදේශවාසීන් විසින් පවසා ඇති බවට වාර්තාවේ.
ඔහුගේ බිරිඳ දියණිය හා ඔහු අතහැර දමා ගොස් මේ වන විට කිලිනොච්චි ප්රදේශයේ වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන අතර, මේ පිලිබඳව දික්කසාද නඩුවක්ද කිලිනොච්චි අධිකරණයේ විභාග වෙමින් පවතින බවට වාර්තාවේ.
මිය ගිය සෙබලාගේ මෘත ශරීරය මේ වන විට ධර්මපුරම් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ධර්මපුරම් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.