Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තීන්දුව ඇසූ පොලිස් ලොක්කා විත්ති කූඩුවේ දී ඇද වැටෙයි
    Local News

    තීන්දුව ඇසූ පොලිස් ලොක්කා විත්ති කූඩුවේ දී ඇද වැටෙයි

    By LFNApril 29, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට වසර 26කට පෙර කන්තලේ භාරතී පුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව එම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනෙකු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

    උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වර්තමාන කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාට බරපතළ වැඩසහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

    මෙලෙස සිරදඬුවම් නියම වූයේ, කන්තලේ පොලිස් කොට්ඨාශයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරු වන චන්ද්‍රරත්න බංඩාර, කේ. එම්. නිහාල් ප්‍රේමතිලක සහ ආර්. ආර්. සෝමරත්න බංඩාර මැදිවෙල, යන විත්තිකරුවන්ටය.

    මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීමේ අදහසින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස සිටිමින් 1998 වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බලප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

    අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එම ස්ථානයේ ඇඳ වැටී ඇති අතර, පසුව ඔහුව ගිලන්රථයකින් අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමට පොලිස්, බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීන් කටයුතු කලහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.