Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාරයේදී සැප ඉල්ලන හරක් කටා
    Featured

    බන්ධනාගාරයේදී සැප ඉල්ලන හරක් කටා

    By LFNApril 27, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලා සිටියේය.

    එමෙන්ම ඔහු ඉල්ලා ඇත්තේ තමාට කියවීමට පොත් හෝ පුවත්පත් ලබාදෙන ලෙසය.

    මෙම ඉල්ලීම් සිදුකෙරුණේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ඉන් පළායාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනාවලට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

    ඒ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේය.

    තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට හරක් කටා නඩු වාරයට රැගෙන විත් තිබිණි.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා එහිදී දැනුම් දුන්නේ ඉකුත් නඩු වාරයේදී විත්තිය ඉල්ලූ පරිදි සැකකරුට නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට පහසුකම් සැලසූ බවය.

    නමුත් “හරක් කටා” වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙලෙස අධිකරණයේදී චෝදනා කිහිපයක් කළේය.

    ඔහු පැවසුවේ සැකකරු හමුවීමට නීතීඥයන් හා ඥාතීන් පැමිණි විට පොලිස් නිලධාරීන් ඔවුන් සමීපයෙන්ම සිටින අතර එම සාකච්ඡා පටිගත කරන බවය.

    එය ඔවුන්ට අදහස් හුවමාරු කරගැනීමට බාධාවක් මෙන්ම සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවටයි ඔහු චෝදනා කළේය.

    ඒ ගැන අවධානය යොමුකළ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ලට යෝජනා කළේ හඬ රහිත cctv කැමරා ඔස්සේ පමණක් සැකකරු නිරීක්ෂණය කිරීම පිළිබඳ සොයාබලන ලෙසය.

    සැකකරුගේ නීතීඥවරයා තවත් ඉල්ලීම් කිහිපයක් සිදුකළේය.

    “ස්වාමිනි, මගේ සේවාදායකයා සිටින කුටිය තුළ මේ දිනවල පවතින්නේ දැඩි රස්නයක්. ඔහුට ෆෑන් එකක් ලබාදීම පිළිබඳ සලකා බලන්නැයි මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම කුටියට ආලෝකය එන්නේ ඉතාම කුඩා කවුළුවකින්. මුළු දවස පුරාම කුටියේ ලයිට් නිවන්නේ නැහැ. එය මගේ සේවාදායකයාට නිදාගැනීමට බාධාවක්. ඒ වගේම මගේ සේවාදායකයාට රැඳවුම් කුටිය තුළදී කියවීමට පොතක් හෝ පුවත්පතක් අවශ්‍යයි. මේ ගැන අවධානය යොමු කරන ලෙස මා ඉල්ලීමක් කරනවා.”

    ඊට ප්‍රතිචාර ලෙස රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම ඉල්ලන පහසුකම් බන්ධනාගාරයක තිබෙන පහසුකම් නොවන බවය.

    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සැකකරුවන් වෙනුවෙන් සිදුකළ යුතු සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

    මෙහිදි රජයේ නීතිඥවරයා, නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සෑම නඩුවාරයකදීම අධිකරණයට ගෙන ඒම ආරක්ෂක හේතු මත සුදුසු නොවන බැවින් මාර්ගගත ක්‍රමවේදයට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කළේය.

    එහිදී විත්තිය නීතිඥයින් ඒ පිළිබඳ සැකකාර නඳුන් චින්තකගේ අදහස විමසූ අතර ඔහු දැනුම් දුන්නේ නඩු වාර සඳහා අධිකරණයට පැමිණීමට තමා කැමති බවය.

    නඩුව මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 202602 Views

    අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ…

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.