Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය
    Featured

    නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය

    By LFNApril 26, 2024No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

    එහිදී තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි කාන්තාවකි.

    එම කාන්තාවගේ අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    අදාළ සැකකරු එම නිවසට ඇතුළුවන ආකාරයත් ඉන් පිටව යන ආකාරයත් නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගතව ඇත.

    ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා මෙම ගිනිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

    මොරගහහේන පොලිසිය පවසන පරිදි, කලකට පෙර රුපියල් ලක්ෂ 60කට විකිණීමට තීරණය කර තිබූ සැකකරු සතු ඉඩමක් පසුව රුපියල් ලක්ෂ 80කට විකිණීම සඳහා ගැණුම්කරුවෙකු සොයාගැනීමට ඔහුට හැකිවී තිබේ.

    ඒ අනුව අදාළ ගැණුම්කරු රුපියල් ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ඉඩම අයිති සැකකරුට ලබාදී තිබුණේ ඉඩම මිලදී ගැනීම ස්ථීර කරමිනි.

    පසුව අසල්වැසි කාන්තාවක් ගැණුම්කරුට පවසා ඇත්තේ ඔහු රුපියල් ලක්ෂ අසූවකට මිලදීගැනීමට සූදානම් වන්නේ රුපියල් ලක්ෂ 60කට අලෙවිකිරීමට සැලසුම්කර තිබූ ඉඩමක් බවය.

    ඉන් උරණ වූ ගැණුම්කරු ඉඩම් හිමියා හමුවී ඔහුට දෝෂාරෝපණය කර ඉඩම වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලද යළි ලබාගෙන තිබේ.

    මෙම සිදුවීමෙන් කෝපයට පත් ඉඩම් හිමියා මෙලෙස එම කාත්තාවගේ නිවසට පැමිණ ගිනි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය සහ මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.