Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්
    Featured

    කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

    By LFNApril 24, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය.

    මේ අනුව අද (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි.

    එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන බව පොලීසිය පවසයි.

    එසේම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට කටයුතු කරනවා මේ පැයක කාලසීමාව තුළ.

    පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.

    නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.

    රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    එසේම හෙට උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවද පොලීසිය පවසයි.

    එසේම දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 202502 Views

    ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ…

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.