Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිවෙයි
    Featured

    පොලිස් වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිවෙයි

    By LFNApril 23, 2024No Comments3 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (23) අලුයම මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණ නොතැකූ ත්‍රීරෝද රථයකට වෙඩි තැබීමක් සිදුකර තිබිණී.

    දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් නැවැත්වීම සඳහා සංඥා කර ඇති අතර, ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමක් සිදුකර මොරගහහේන දෙසට ගමන් කර ඇත.

    අනතුරුව ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

    එහිදී මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හට මෙම පණිවුඩය ලැබීමෙන් පසු පළා යමින් සිටි ත්‍රීරෝද රථය මොවුන් විසින් නැවැත්වීමට සංඥා කර තිබේ.

    එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා පළා යෑම හේතුවෙන් එම නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් ඇති අතර ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇත.

    ලුහුබැඳ පැමිණි ජිප් රථය ත්‍රීරෝද රථය ආසන්නයට පැමිණ නවත්නවාත් සමග ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් ජිප් රථය දෙසට වෙඩිතැබීමක් සිදුකළ බව පොලීසිය පවසයි.

    එම අවස්ථාවේ දී නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක දී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මත්තේගොඩ පදිංචිකරුවෙකු වන ඉමේෂ් ධනුෂ්ක දර්ශන යන අයෙකු වන අතර, මොහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ පෙර වැරදි වාර්තා පරීක්ෂා කිරීමේ දී 2010 සිට 2023 දක්වා කහතුඩුව හා මත්තේගොඩ පොලිස් වසම්වල අවස්ථා කිහිපයකදී ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම් කර ඇති බවත්, ඉඩම්වලට අයුතු ලෙස ඇතුළු වී දේපල සොරකම් කර ඇති බවත් එම වැරදිවලට අදාළව අධිකරණවල නඩු පවරා ඇති බවත් අනාවරණය වී තිබේ.

    එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ලේඛනගත වී සිටින බවත් ඔහු යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙකු බවටත් පොලීසියට කරුණු අනාවරණය වී ඇත.

    ඔහු හෙරොයින්, ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම පිළිබඳ මිරිහාන, මත්තේගොඩ හා මොරගහහේන යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට පත්වු අයෙකු බවට තහවුරු වී තිබේ.

    පොලිස් වෙඩිපහරින් මිය ගිය අනෙක් සැකකරු වන්නේ 42 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු බණ්ඩාරනායකපුර, මත්තේගොඩ යන ප්‍රදේශවල තාවකාලික පදිංචිව සිටින සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි යන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.

    මොහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී අයිස් හා ගංජා ළඟ තබාගැනීම පිළිබඳව පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම්වල 2017 වර්ෂයේ සිට අත්අඩංගුවට පත්වු අයෙකි.

    2023 අගෝස්තු 4 වන දින කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට තොරතුරු ලැබී තිබේ.

    මොහු ඒ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාර්තු 18 වනදා ඇපමත මුදාහැර තිබේ.

    මෙම පුද්ගලයා 2002.12.26 වන දින ගිනිඅවියක් සමග කහතුඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වී ඇත.

    සැකකරු විසින් වෙඩිතැබීම සඳහා භාවිත කළ පිස්තෝල අවිය ද ත්‍රීරෝද රථය අසල වැටී තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.