Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිමාන්ඩ් කළ ෆොක්ස් හිල් රියදුරන් කළ පාපෝච්චාරණය
    Featured

    රිමාන්ඩ් කළ ෆොක්ස් හිල් රියදුරන් කළ පාපෝච්චාරණය

    By LFNApril 23, 2024No Comments2 Mins Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

    අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනෙකු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අතර බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

    උපුටා ගැනීම,

    පොලිස් නිලධාරියා – මේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්තුමා ඇවිත් ඉන්නේ. ඔයාට කියන්න දෙයක් තියෙනවානම් ගරු මහේස්ත්‍රාත්තුමාට කියන්න පුළුවන්.

    බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා – ඔයාට කතාකරන්න පුළුවන් නේද? කියන්න

    අනතුර සිදුවනවිට මොටර් රථයක් පැදවූ රියදුරෙක් – මම දැක්කේ නැහැ පෙරළිලා තියෙනවා කියලා. පෙරළිලා තිබිලා තියෙනවා. යනකොට පෙනුණේ නැහැ. මම දකුණු පැත්තෙන් ගියේ. ඊටපස්සේ මගේ අතින් මේ පැත්තට කැපුණා. කාර් දෙක මැදින් ගියා දකුණු පැත්තට.

    බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා – ඔයාට කතාකරන්න පුළුවන් නේද? මොකද වුණේ.

    අනතුර සිදුවනවිට මොටර් රථයක් පැදවූ රියදුරෙක් – “සර් පළවෙනි රවුම ආරම්භ කළා. දෙවැනි රවුම එනකොට එතන පල්ලම් බහිද්දි එතන තරග ස්ථානයේ ලොකු දූවිල්ලක් තිබුණා. අපි ටිකක් පාලනය කරන්න බැලුවා ඒත් එකපාරට ඇතුළට යනකොට ඉස්සරහින් තව මොකක්හරි යමක් වදිනවා වගේ දැනුණා. ඒත් එක්කම තව පිටිපස්සෙන් ආපු වාහනයක් මගේ වැදුණා. ඒත් එක්කම මට දැනුණා මගේ වාහනය පෙරළෙනවා වගේ. ඊට විනාඩියකට විතර පස්සේ මම හෙල්මට් එක ගලවලා ඇතුළෙන් ආවා.

    උපුටා ගැනීම අවසන්,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 20250113 Views

    යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට…

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

    July 2, 2025

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.