Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෝඨාගේ ඇමතුමක් ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්
    Featured

    ගෝඨාගේ ඇමතුමක් ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්

    By LFNApril 22, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි.

    කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන්,

    “පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ වන කරුණු ක්‍රියාත්ම කිරීමේ මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රටේ ජනාධිපති ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුශ්කරතා ඇති බව සඳහන් කිරීම තුළත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට යාම සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළින් වාර්තාවේ ඉදිරිපත්කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් සඳහන්කළ අයුරු මට මතක් වේ.”

    “විමර්ශන මෙහෙයවූ ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත්කර ඔවුන්ගේ ප්‍රධානියෙකු සිරගත කරවීමට පවා කටයුතු කරමින්ද තවත් නිලධාරීන් එම නිලතලවලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මාරුකර යැවීමට ක්‍රියාකරමින්ද තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත්කරමින්ද මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට හා එතුමාට අවශ්‍ය අයුරින් මෙහෙයවීමට එතුමා ගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකයි. එක දෙයක් පිළිබඳ බලවත් සැකයක් ඇති වේ එනම් එහි සත්‍ය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මෙයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවයි. මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියාකළ බව ඇත්ත වුවත් ඔවුන් පිටුපස තවත් බලවේග සිටි බවට ශාක්ෂි මතුවී තිබියදීත් ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබද සත්‍ය සඟවා තැබීමට වුමණාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළැඹිය නොහැක. මේ ප්‍රහාරය ගැන දැනගෙන සිටියදී එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලනික හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව නීතිව ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිතුමට නිර්දේශ ඇතත් එතුමා මේ වනතුරුත් මුණිවත රැකීම අපි තරයේ හෙළාදකිමු. මෙය ජත්‍යන්තර තලයට ගෙන යන්නේ අප කතෝලික ජනතාව අප රටට ආදරය නොකරන නිසා නොව. අපට සිදුවූ මේ මහා විනාශය පිළිබඳ සත්‍ය සොයාගැනීමට අපට වෙන විකල්පයක් නොමැතිවීම නිසාය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 202602 Views

    අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ…

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.