Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් නැහැ
    Featured

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් නැහැ

    By LFNApril 21, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

    පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමක පසුවන අයෙක් ඇත්නම් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස තානාපතිවරයා දැනුම්දෙයි.

    මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විමසීම් ලැබුණ ද ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.

    ශ්‍රී ලාංකිකයින් 11,500ක පම‍ණ පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් සියයට 70ක් පමණ නිවෙස්වල සේවය කරන බව සඳහන් ය.

    සියයට 15ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වලත් සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවලත් සේවයේ නිරතව සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

    ගාසා තීරය ආසන්නයේ ජීවත්වූ බොහෝ පවුල් ඉන් ඉවත්කර තාවකාලිකව හෝටල්වල නවාතැන් සපයා ඇති බව පෙන්වාදෙන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ගාසා තීරයෙන් එල්ලවන බොහෝ ප්‍රහාර මේ වනවිට නතරවී ඇති බවද සඳහන් කළේය.

    ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින්විට ෂෙල් ප්‍රහාර වාර්තා වීම හේතුවෙන් එම කලාපයේ සිටි ඊශ්‍රායල ජාතිකයන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති අතර එම පවුල් සමග සිටි ශ්‍රී ලාංකිකයන්ද ඔවුන් සමග නව ස්ථානවලට ගොස් ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් මතු නොවන බව තානාපතිවරයා පැවසීය.

    කෙසේවෙතත් ගුවන් සමාගම් විසින් ඇතැම් ගුවන් ගමන් අවලංගු කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව සිටින බොහෝ දෙනෙකුගේ ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.