කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය විසින් සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී නොනවත්වා ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී ලුහුබැඳ ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.