Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 2026

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය
    Featured

    පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

    By LFNApril 19, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු ඊයේ අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ.

    සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා ඊයේ (18) මෙම නියෝගය ලබාදී තිබේ.

    මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15ක දරුවෙකි.

    එම දරුවාගේ පියා විදේශගතව සිටින බවත් දරුවා මවට අවනත නොවන බවත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    නිවාස දෙකකින් ලැබුණු පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    එහිදී දරුවා සන්තකයේ තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන දෙක සොයාගෙන ඇතිමුත් මුදල් සොයාගෙන ඇත්තේ රුපියල් 800ක් පමණක් වීම විශේෂත්වයකි.

    ඒ පිළිබඳව දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සොරකම්කරන ලද මුදල්වලින් කොටසක් සිය නැගණියට ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමට ලබාදුන් බවය.

    පොලීසිය අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ දරුවා විසින් නිවාස දෙකෙන්ම රුපියල් 121,000ක මුදලක් සහ මිලෙහි එකතුව රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් මෙලෙස සොරකම් කර ඇති බවය.

    දරුවා පොලීසියට පවසා ඇත්තේ ඇතිවූ ආශාව මත එම ස්මාට් ජංගම දුරකථන 2 සොරකම් කළ බවය.

    සත්‍ය වශයෙන්ම සොරකම් කර ඇති මුදල දරුවා විසින් වියදම් කර තිබේද සහ ඒවා වෙනත් ස්ථානයක සඟවා ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

    අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 2026

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,602 Views
    Don't Miss

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 202603 Views

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා…

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී

    June 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.