Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය
    Featured

    පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

    By LFNApril 19, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු ඊයේ අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ.

    සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා ඊයේ (18) මෙම නියෝගය ලබාදී තිබේ.

    මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15ක දරුවෙකි.

    එම දරුවාගේ පියා විදේශගතව සිටින බවත් දරුවා මවට අවනත නොවන බවත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    නිවාස දෙකකින් ලැබුණු පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    එහිදී දරුවා සන්තකයේ තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන දෙක සොයාගෙන ඇතිමුත් මුදල් සොයාගෙන ඇත්තේ රුපියල් 800ක් පමණක් වීම විශේෂත්වයකි.

    ඒ පිළිබඳව දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සොරකම්කරන ලද මුදල්වලින් කොටසක් සිය නැගණියට ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමට ලබාදුන් බවය.

    පොලීසිය අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ දරුවා විසින් නිවාස දෙකෙන්ම රුපියල් 121,000ක මුදලක් සහ මිලෙහි එකතුව රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් මෙලෙස සොරකම් කර ඇති බවය.

    දරුවා පොලීසියට පවසා ඇත්තේ ඇතිවූ ආශාව මත එම ස්මාට් ජංගම දුරකථන 2 සොරකම් කළ බවය.

    සත්‍ය වශයෙන්ම සොරකම් කර ඇති මුදල දරුවා විසින් වියදම් කර තිබේද සහ ඒවා වෙනත් ස්ථානයක සඟවා ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

    අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.