Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
    Local News

    සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

    By LFNApril 18, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

    එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිලයින් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු අතර, එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුළ සිදුකර යුද හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී ඇත.

    * යුද හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්)
    * ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.
    * වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.
    * අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්)

    නිවාඩු නොමැතිව සේවයට වාර්ථා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.