Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»IMF වෙතින් තවත් සහතිකයක්
    Local News

    IMF වෙතින් තවත් සහතිකයක්

    By LFNApril 18, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

    ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබිණි.

    එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇති බවය.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

    එහිදි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු ” සාර්ව සම්බන්ධිත බැඳුම්කර ” සම්බන්ධයෙන් බව සඳහන්ය.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජී ඩඉජෝ මහතා අතර හමුවක් පැවැත්වුණි.

    එම හමුවේදී ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහිදී සහතික කර ඇති බවය.

    මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර සමායතනය හී කලාපීය උප සභාපති රිකාඩෝ පුලිට් මහතා අතරද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබේ.

    එහිදි මෙරට ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර මෙරට මුල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහ දැක්වීමට තවත් ආයෝජන සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202602 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.