Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී
    Featured

    අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී

    By LFNApril 15, 2024No Comments3 Mins Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි.

    මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය.

    ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි.

    සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට පළිගැනීමක් ලෙසින් මෙම ප්‍රහාර දියත් කර තිබුණි.

    කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ඉරාන ප්‍රහාරවලින් සියයට 99ක්ම සාර්ථකව ව්‍යර්ථ කළ බවය.

    ඉරානය ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට අනතුරු අඟවා තිබුණේ සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලයෙන් පසුගිය අප්‍රේල් පළමුවැනිදා එල්ලවූ දරුණු ප්‍රහාරයත් සමගිනි.

    ඉරාන හමුදා ප්‍රධානියෙකු ඇතුළු 13 දෙනෙකු එම ප්‍රහාරයෙන් මියගොස් ඇත.

    එවන් පසුබිමක අමෙරිකාවද ඊශ්‍රායලයට දැනුම්දී තිබුණේ ඉතාම ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ලවනු ඇති බවටය.

    ඉරානය, සිය හමුදා සහ අවි කලාපයේ ස්ථානගත කරමින් ඇති බවටත් අමෙරිකාව තහවුරු කර තිබුණි.

    එම අනතුරු ඇඟවීම් මැද ඊශ්‍රායලය පාසල්ද වසාදමා මහජන ඒකරාශී වීම් අවලංගු කර තිබුණේ ආරක්ෂිත පියවරක් ලෙසිනි.

    එවන් තත්ත්වයක ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඊශ්‍රායලයට අයත් නෞකාවක් සිය භාරයට ගැනීමට පසුගියදා කටයුතු කළේය.

    ඒ සමඟ, අමෙරිකානු අනතුරු ඇඟවීම් සත්‍යයක් බවට පත් කරමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලට ප්‍රහාර එල්ල කළේ පෙරේදා රාත්‍රියේ ය.

    ඉරානය මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් ටෘෘ ප්‍රොමිස් නමිනි.

    ඉරාන මිසයිල 300කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රාලයේ සතුරු ඉලක්ක හඹා එද්දී ජෙරුසෙලම ඇතුළු නගර රැසක ගුවන් ආරක්ෂණ පද්ධතියේ සයිරන් නාද වුණි.

    කෙසේවෙතත් තමන් එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බව ඊශ්‍රායලය පවසයි.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ විශිෂ්ඨ ගුවන් හා තාක්‍ෂණික හැකියාවෙන් එම ප්‍රහාරවලට මුහුණදී තිබුණි.

    එමෙන්ම ඊශ්‍රායලය සිය සතුරාට යළිත් අනතුරු ඇඟවීමක්ද කළේය.

    ඒ, ඊශ්‍රායල සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සියලුම දේ සිදුකරනවා යනුවෙනි.

    ඊශ්‍රායලයට එල්ල කෙරුණු ඇතැම් ප්‍රහාර ඉරාකයේ සහ යේමනයේ සිට එල්ල කර ඇතැයි සඳහන් වුණි.

    ඒ සමග, ඉරාකය, ජොර්දානය, ලෙබනනය සහ ඊශ්‍රායලය සිය ගුවන් මාර්ග තාවකාලිකව වසාදැමූ අතර පැය කිහිපයකට පසු ඊශ්‍රායලය සහ ජොර්දානය සිය ගුවන් මාර්ග යළි විවෘත කළේය.

    කෙසේ වුවද ඉරාන ප්‍රහාරවලින් සාර්ථක වී ඇත්තේ ඊශ්‍රායල හමුදා කඳවුරක් ඇතුළු ඉලක්ක වෙත එල්ල කෙරුණු සීමිත ප්‍රහාර සංඛ්‍යාවක් පමණි.

    ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව එක්වී ඉරාන ගුවන් ප්‍රහාරවලින් සියයට 99ක්ම වැළැක්වීම ඉරාන ප්‍රහාර අසාර්ථකවීමට හේතුවය.

    විනාශ වූ ඉරාන ඩ්‍රෝන යානාවල සුන්බුන් ජෝර්දානයට කඩා වැටී තිබුණි.

    දෙරට අතර දශක ගණනාවක් පුරා ශීත යුද්ධයක් පැවතියත් මේ, ඉරානය සිය දේශයේ සිට සෘජුවම ඊශ්‍රායලය ඉලක්ක කළ පළමු අවස්ථාවය.

    එමෙන්ම ඊශ්‍රායලය, ඉරානය හඳුන්වන්නේ ත්‍රස්තවාදයට දායක වන ලොව විශාලතම පාර්ශ්වය ලෙසය.

    ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මොහොම්මඩ් බගේරි පවසා තිබුණේ, “මෙම මෙහෙයුම සාර්ථක බවත් එය අවසන් බවත් අපි පවසනවා. මෙහෙයුම අඛණ්ඩව සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඊශ්‍රායලය, ඉස්ලාමීය ජනරජයට එරෙහි යම් පියවරක් ගතහොත් ඊට අපගේ ප්‍රතිචාරය මීට වඩා දරුණු වේවි.” යනුවෙනි.

    මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් සහ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

    ඒ, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ උද්ගතවී ඇති යුදමය වාතාවරණය සම්බන්ධයෙනි.

    එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ කලාපය තුළ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බවය.

    එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඉරාන විදේශ අමාත්‍යවරයා සමග ද දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇත.

    එහිදී ඉකුත් දා ඉරානය විසින් සිය භාරයට ගනු ලැබූ ඊශ්‍රායලය නෞකාව් සිටින ඉන්දියානු කාර්යය මණ්ඩල සාමාජිකයින් 17 දෙනා මුදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද සඳහන් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.