Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරලැස්ගමුව කැලඹුණු ඝාතනයේ සුලමුල එළියට
    Featured

    බොරලැස්ගමුව කැලඹුණු ඝාතනයේ සුලමුල එළියට

    By LFNApril 7, 2024No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පානදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන පෙදරේරුවෙකි.

    සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඝාතනය කරන ලද පුද්ගලයා සහ සිය බිරිඳ අතර වසර 15ක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් ඇති බවය.

    පසුගිය දිනක බිරිඳ නිවසින් පිටව ගිය බවත් ඇය ඔහු සමග සිටිනු ඇතැයි යන සැකය මත තමන් මෙම ඝාතනය කළ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

    සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 24ක සහ 17 ක දියණියන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන්ට සමාජයෙන් සිදුවන අවමන් ඉවසාගැනීමට නොහැකිව මෙම අපරාධය සැලසුම් කළ බවත්ය.

    ඒ අනුව බෙල්ලන්තර හංදිය ප්‍රදේශයේ සිට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ත්‍රිරෝද රථය පසුපස හඹාවිත් බොරලැස්ගමුව දේවාලමුල්ල ප්‍රදේශයේදී ඔහුගේ ගෙළට මන්නයකින් කොටා මෙම ඝාතනය කළ බවත් ඔහු පවසා තිබේ.

    ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තමන් පළායන අවස්ථාවේ යතුරුපැදිය අනතුරට ලක්වූ බව සැකකරු පවසා ඇති අතර ඔහුගේ තොරතුරු මත සිදුකළ විමර්ශනයේදී ඝාතනයට යොදාගත් මන්නා පිහිය ද පිරිවෙන පාරේ කාණුවක තිබී සොයාගෙන ඇත.

    පසුගිය 2 වනදා රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්වූයේ ද මාතර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

    සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202603 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.