රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්රදේශයේ ඊයේ (05) රාත්රියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.
ඒ එම අනතුරින් පුද්ගලයෙකු මිය යාමත් සමගින්ය.
ඊයේ රාත්රි 8.30ට පමණ බුලත්සිංහල හල්වතුර ප්රදේශයේ, ඉංගිරියේ සිට බුලත්සිංහල දෙසට ධාවනය වූ යතුරු පැදියක පුද්ගලයෙක් ගැටී තිබිණි.
පාරමාරු වෙමින් සිටියදී මෙම පුද්ගලයා යතුරු පැදියේ ගැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු බව අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව ප්රකෝප වූ ප්රදේශවාසින් යතුරුපැදියට ගිනි තබා තිබිණි.
පොලීසිය මැදිහත් වී ගින්න පාලනයට උත්සාහ දැරුව ද ඒවන විටත් යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී තිබූ වාර්තා වී තිබිණි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යතුරුපැදිකරු බුලත්සිංහල පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරින් මියගියේ හල්වතුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකි.