Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයේ සබඳතා පැවැත්වූ සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වයි
    Featured

    පාතාලයේ සබඳතා පැවැත්වූ සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වයි

    By LFNApril 5, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩු 04ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

    අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් රජමල් වත්තේ චාමර නමැත්තාගේ ගෝලයෙක් වන අතර ඔහු ඉකුත් මස 12 වනදා මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු බව පොලීසිය පැවසීය.

    එම සැකකරු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී සේදවත්ත ඩෝබි වත්ත උමගිරි වලව්ව ආසන්නයේ පරවි කූඩුවක් අසල වළදමා තිබූ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවී ඇත.

    අනෙක් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර නිපුන සහ රජමල් වත්තේ චාමර යන පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී ඔවුන් සේදවත්තේ පොඩි සනා නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් බව හෙළිවී ඇත.

    එම සැකකරුවන් දෙදෙනා සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබූ කඩු 04ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

    ඒ අනුව සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.