Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයේ සබඳතා පැවැත්වූ සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වයි
    Featured

    පාතාලයේ සබඳතා පැවැත්වූ සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වයි

    By LFNApril 5, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩු 04ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

    අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් රජමල් වත්තේ චාමර නමැත්තාගේ ගෝලයෙක් වන අතර ඔහු ඉකුත් මස 12 වනදා මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු බව පොලීසිය පැවසීය.

    එම සැකකරු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී සේදවත්ත ඩෝබි වත්ත උමගිරි වලව්ව ආසන්නයේ පරවි කූඩුවක් අසල වළදමා තිබූ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවී ඇත.

    අනෙක් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර නිපුන සහ රජමල් වත්තේ චාමර යන පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී ඔවුන් සේදවත්තේ පොඩි සනා නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් බව හෙළිවී ඇත.

    එම සැකකරුවන් දෙදෙනා සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබූ කඩු 04ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

    ඒ අනුව සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.