පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහලගත කිරීමෙන් පසු මියගොස් ඇත.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නමැති 11 හැවිරිදි සිසුවෙකි.
ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබේ.
පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ ලෙස තුවාල ලබා තිබුණි.
පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්වී තුවාල ලබා සිටි සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ කොන්ක්‍රීට් තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් තිබූ බවද හෙළිවී තිබේ.