Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන්
    Featured

    21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන්

    By LFNApril 4, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇතැයි හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    එම තරුණයාගේ පියා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇතැයි එම පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

    වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

    පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය සිදුකරන විමර්ශනවලට අමතරව තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා පවසයි.

    අතුරුදන් වී ඇති තරුණයා සම්බන්ධයෙන් අප හැටන් පොලීසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, පොලීසිය මේ වනවිටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවය.

    එම තරුණයා පිළිබඳව තොරතුරක් වෙතොත් හැටන් පොලීසියේ 071 859 1117, 0512222222 හෝ 0512222520 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.