Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවුලපතන ගම්මානයේ ජනතාව නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් ඉල්ලයි
    Featured

    දිවුලපතන ගම්මානයේ ජනතාව නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් ඉල්ලයි

    By LFNApril 4, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ නැගෙනහිර පළාතේ පිහිටි දිවුලපතන ගම්මානයේ ඈත අතීතයේ පටන් සිංහල ජනතාව වාසය කළ බවය.

    1974 වසර වන විට අදාළ ගම්මානයේ සිංහල පවුල් 618ක් වාසය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    එහෙත් අදාළ ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂක මුරපොළවල් ඇතුළු රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ගම්මානයේ වාසය කරන සිංහල ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කරයි.

    රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන විවිධ බාධා කිරීම් හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට සිය ජීවිකාව නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති බවත් විවිධ දේශපාලන යටි අරමුණු මුල්කරගෙන මෙවැනි බාධා කිරීම් සිදුකෙරෙමින් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.