Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොටුවෙති
    Featured

    තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොටුවෙති

    By LFNApril 2, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන විශේෂ යුක්තිය මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    ඊයේ (01) ගාල්ල අපරාධ කොට්ටඨාසයේ නිලධාරීන් විසින් ගෝනපීනුවල පොලිස් වසමේ වැටලීමක් සිදුකර 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්ම බේරුවල වැටලීමක් සිදුකර 40 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් අයිස් මිලිග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර හික්කඩුව පොලිස් වසමේ තිරාණගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 100 සමග අත්අඩංගුවට පත්ව ඇත.

    කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වාද්දූව ප්‍රදේශයේ මැලෑගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර 34 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් අතර බස්නාහිර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මීගමුව හා ගණේමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලින් 56 හැවිරිදි සහ 40 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 50 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිටකොටුවේ සිදුකළ වැටලීමක දී අයිස් මිලිග්‍රෑම් 820ක් සමග බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට අමතරව අපරාධවලට සහාය දැක්වූ සැකකරුවන් තිදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 237කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.