Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන තැන සිදුවන ඝාතන
    Featured

    තැන තැන සිදුවන ඝාතන

    By LFNApril 2, 2024No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (02) එම ඝාතන සිදුව ඇත්තේ, කලවාන සහ මූතූර් පොලිස් වසම්වලින්ය.

    මූතුර්, බහිරියා නගර් කලපු ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

    එලෙස මියගොස් ඇත්තේ, බහිරියා නගර්, මූතුරු 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

    මරණකරුගේ දෑත් සහ දෙපා ගැට ගසා දෙඅත්වල වැලි උරයක්ද ගැට ගසා තිබී ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි.

    මෙම පුද්ගලයා පසුගිය 30 වනදා රාත්‍රී කාලයේදී කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවටත් අනාවරණය වී ඇති බව වාර්තා වේ.

    ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මූතුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර කලවාන – මතුගම මාර්ගයේ නගරය ආසන්නයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    ඊයේ සවස් කාලයේදී එම ඝාතන වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

    මියගොස් ඇත්තේ, දෙල්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

    පුද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇත.

    ඝාතනය සිදුකළ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202603 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.