Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් – මෝදි
    Featured

    මෙය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් – මෝදි

    By LFNApril 1, 2024No Comments1 Min Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි.

    අදාළ ක්‍රියාවලියෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාවේ ඒකීයභාවය දුර්වල කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.

    ඉන්දිරා ගාන්ධි රජය විසින් 1974 වසරේ දී කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ලබාගත් කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර තිබුණි.

    නව තොරතුරු මගින් කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවයි සිය ‘එක්ස්‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.

    මෙය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් බවත් මෙම තත්ත්වය තුළ කිසිදිනෙක කොංග්‍රස් පක්ෂය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.

    කෙසේවෙතත් ඉන්දීය මහ මැතිවරණය ආසන්නවත්ම මෙලෙස කච්චතිවු දූපත පිළිබඳ මාතෘකාව කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සහ ඉන්දීය රජය විසින් එම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබා නොදීමට එරෙහිව ලබන මස පැවැත්වෙන මැතිවරණය වර්ජනය කරන බවට තමිල්නාඩු ධීවර සංගම් මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 20250116 Views

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්…

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.