Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසම ඡන්දෙට සූදානම් වෙයි
    Featured

    මැතිවරණ කොමිසම ඡන්දෙට සූදානම් වෙයි

    By LFNMarch 31, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි.

    මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවද ඔහු පැවසීය.

    එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳව සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    අවශ්‍යකරන ලිපිද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට කොමිසම මේ වන විටත් කටයුතු කරමින් සිටන බව සඳහන් ය.

    මේ අතර ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ ද ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

    ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ජුනි මාසයට ප්‍රථම මහමැතිවරණයක් පැවැත්වුවහොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගැටලු ඇති විය හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.