Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රමිතියක් නැති ලංකාවේ බීච්
    Featured

    ප්‍රමිතියක් නැති ලංකාවේ බීච්

    By LFNMarch 30, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපේ රට රමණීය හා ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත වුණත්, ඒ කිසිදු වෙරළක් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා නොමැති බව අනාවරණ වේ.

    කෙසේවෙතත් අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් 51ක් මේ වනවිටත් වෙරළ ප්‍රමිතියට අදාළ ජාත්‍යන්තර බ්ලූ ෆ්ලෑග් සහතිකය ලබාගෙන අවසන්ය.

    සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන වෙරළ තීර ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම “පාරිසරික අධ්‍යාපනය සඳහා පදනමට” අනුව රීතියකි.

    රටවල් 77ක් සාමාජිකත්වය දරන එම පදනම ලොවපුරා වෙරළ තීරයන්හි ප්‍රමිතිය සම්බන්ධයෙන් බ්ලූ ෆ්ලෑග් සහතිකකරණය සඳහා අධීක්ෂණය කරයි.

    ඒ යටතේ ලොව රටවල් 51ක වෙරළ තීර සහ මරීනා 5,038ක් මේ වනවිට බ්ලූ ෆ්ලෑග් සහතිකය ලබාගෙන අවසන්ය.

    ඒ අතුරින් අසල්වැසි ඉන්දියාව සතු බ්ලූ ෆ්ලෑග් සහතික ලත් වෙරළ තීර ගණන 17කි.

    කෙසේවෙතත් ඉන්දියන් සාගරයෙන් වටවූ ශ්‍රී ලංකාවේ කිසිදු වෙරළ තීරයක් මෙතෙක් බ්ලූ ෆ්ලෑග් සහතිකය ලබාගැනීමට තරම් ප්‍රමිතියකට ළඟාවී නැහැ.

    බ්ලූ ෆ්ලෑග් ප්‍රමිතිය සැපිරීමට නිර්ණායක 33ක් සපුරාලිය යුතු වේ.

    ඒ අනුව බ්ලූ ෆ්ලෑග් වැඩසටහන පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කළ යුතු අතර වෙරළේ පිරිසිදුකම පවත්වාගෙන යාම අනිවාර්ය අංගයකි.

    ස්නානය කරන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම, විවිධ පහසුකම් දැක්වෙන වෙරළ තීරයේ සිතියමක් සහ චර්යාධර්ම පද්ධතියක් වෙරළ හා අවට ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීම ද කළ යුතුය.

    එමෙන්ම දේශීය පරිසර පද්ධති, පාරිසරික අංග සහ සංස්කෘතික ස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රදර්ශනය කිරීමත් බ්ලූ ෆ්ලෑග් ප්‍රමිතීන්ට අනුකූලය.

    වෙරළ භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ඇතුළු විවිධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා වෙරළ කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම ද එහි ප්‍රධාන නිර්ණායකයකි.

    සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මෙරට වෙරළ තීරයන් කිහිපයකම මේ වනවිට දක්නට ලැබෙන ජනාකීර්ණ තත්ත්වයකි.

    විදෙස් සංචාරයකයින්…

    “මම පැමිණියේ ප්‍රංශයේ ඉඳලා. මෙතන ඇත්තටම හොඳ තැනක්. වෙරළත් පිරිසිදුයි ඇත්තටම හොඳයි.”

    “ශ්‍රී ලංකාව ලස්සන රටක්.”

    “මෙහි දර්ශනය ඉතා දැකුම්කළුයි. අපට නවාතැන් ගන්න හොඳම ස්ථානයක්. ඒත් ශබ්දය වැඩියි වගේ.”

    “මම ගිහින් තියෙන්නේ වෙරළ තුනකට විතරයි. මේ වෙරළ මැද මට්ටමේ හොඳම ඒක නෙමෙයි. මිනිසුන් මෙහි මුහුදේ නාන විදිය ආරක්ෂිත නැහැ. වෙරළේ තත්ත්වය ගැන 1 ඉඳන් 10 දෙනවානම් මට දෙන්න පුළුවන් ලකුණු 5ක් විතරයි.”

    කෙසේ වෙතත්, බ්ලූ ෆ්ලෑග් ප්‍රමිතීන්ට අනුගත කිරීම සඳහා මෙරට වෙරළ තීර 5ක් හඳුනාගෙන ඇතැයි පරිසර ස්වභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව සඳහන් කළේය.

    ඒ, බෙන්තොට, මිරිස්ස, කොග්ගල, උණවටුන හා පාසිකුඩා යන වෙරළ තීරයන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.