Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තියේ අවසානය ගැන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
    Featured

    යුක්තියේ අවසානය ගැන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

    By LFNMarch 30, 2024No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

    එමෙන්ම පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රශ්නය – යුක්තියේ මෙහෙයුම දැන් දිගටම ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා මොන කාලෙක මේක ඉවරවෙයි ද කියලා?

    “එය ඉවර ‍වන දවස තමයි මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැගෙන දවසට තමයි මේක ඉවර කරන්නේ. එතෙක් මේක අපිට කරන්න ‍වෙනවා. මොකද හේතුව භාගෙට ඉවර කරලා මේක නැවැත් වුවහොත් එහෙම මේක තිබූ තැනට ආපසු වැටෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. හොඳ අවබෝධයක් අපිට ඒ ගැන තියෙනවා.”

    ප්‍රශ්නය – දැන් හඬපට නිකුත් වෙලා තියෙනවා පොලීසියේ නිලධාරීන් පාතලේ අය සමග කතා කරනවා?

    “දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. එවැනි ස්ථානාධිපතිවරයෙකුගේ ‍සේවය අත්හිටුවීමට මම නිර්දේශ කරලා යැව්වා පොලිස් කොමිෂන් සභාවට. ඒක අද හෙට වෙයි. එවගේම තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමගම සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් තවත් හඬපට CID යට යොමු කරලා තියෙනවා පොලිස් විශේෂ විමර්ශන ඒකකයටත්. ඒ අයට විනයානුකූල පියවර මෙන්ම නීතිමය පියවර ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.