Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
    Local News

    කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    By LFNMarch 28, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ ජනාධිපතිවරයා ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

    2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.

    ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වීය.

    ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබාගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.