ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත්කර තිබේ.
එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පැවසුවේ එහිදී මෙම තීරණය ගත් බවය.
මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.
