Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්
    Featured

    නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්

    By LFNMarch 26, 2024No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

    එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවනු ලැබීය.

    කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

    මේ තුළින් අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවටත් අදාළ චෝදනා පත්‍රය මඟින් චෝදනා නඟා තිබිණි.

    මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළ යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල වනිසුරු මඩුල්ල මෙවැනි ක්‍රියා
    අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.

    ඒ අනුව චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරියට නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

    මෙම නීතිඥවරිය වසර දොළහක් පමණ කාලයක් නීතිඥවරුත්තියේ නිරත වී ඇති බව ඩු විභාගයේදී අගවිනිසුරුවරයා විසින් මතු කරනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.