Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් සමග කොටුවූ අයියාගේ පැටිකිරිය
    Featured

    හෙරොයින් සමග කොටුවූ අයියාගේ පැටිකිරිය

    By LFNMarch 26, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වසන්ත කුමාර යන අයගේ මුදල් කටයුතු භාර ප්‍රධානියා ලෙස සැලකෙන ‘අයියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඊයේ (25) වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු මීට පෙර නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම් නියමව බන්ධනාගාරගතව සිට යහපත් කල්ක්‍රියාව හේතුවෙන් එම දඬුවම් කාලය වසර 10කින් අවසන් කර නිදහස්ව සිටි අයෙකි.

    45 හැවිරිදි සැකකරු අද වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේයේදීය.

    සැකකරු මීට මාස 7කට පෙර එම සුඛෝපභෝගි නිවස රු.100,000 ක කුලී පදනම මත ලබා ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකු බව හඟවමිනි.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6430ක්, ඡංගම දුරකථන 8ක්, දුරකථන සිම්පත් 10ක්, බැංකු කාඩ්පත් 7ක් හා නවීන මෝටර් රථයක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය භාරයට ගනු ලැබීය.

    බන්ධනාගාරගතව සිටි කාලයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වසන්ත කුමාර යන අය සමග ගොඩනගා ගත් සම්බන්ධතා මත මෙම හෙරොයින් ජාවාරම දිගු කලක සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන කිරීමට කටයුතු යොදා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.