Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධාන්‍ය වියලීමට අලුත් යන්ත්‍රයක්
    Featured

    ධාන්‍ය වියලීමට අලුත් යන්ත්‍රයක්

    By LFNMarch 25, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වී,බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.

    මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.

    සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විවෘත කරනු ලැබීය.

    මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබේ. රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කියයි .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.