Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
    Featured

    ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

    By LFNMarch 25, 2024Updated:March 25, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය නිවේදනය කරයි.

    අදාළ පුද්ගලයා කොළඹ 07, විජේරාම මාවතේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වෛද්‍යවරයෙකු ලෙස ද පෙනී සිට ඇත.

    මුදල් ලබාගැනීම සඳහා සැකකරු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැඳවා තිබේ.

    සැකකරු මෙසේ පුද්ගලයන් 9 දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

    සැකකරු කොළඹ අංක 5, මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මෙම ජාවාරම සඳහා සහය වූ මොහුගේ බිරිඳ විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර මහතා ඉල්ලා සිටී.

    එසේ මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.