වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීම සඳහා රජය ගෙනඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
ඒ, කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
“බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා පනත් කෙටුම්පත සම්මත කිරීම අත්හිටුවන්නැයි කියලා. තවදුරටත් සාකච්ඡා කළ යුතු බව දැනුම් දුන්නා. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරද්දී මම නීතිපතිට දැනුම් දුන්නා… මෙම කෙටුම්පත අප ඉදිරියට ගෙන නොයන බව. ඒ වෙනුවට සාකච්ඡාවක් දෙනවා අදාළ පාර්ශ්වයන්ට. සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නවා. එය පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස්කර ගන්නවා.”